30 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරැඳවියන් 350 කට හෙට විශේෂ රාජ්‍ය සමාවක්

රැඳවියන් 350 කට හෙට විශේෂ රාජ්‍ය සමාවක්

හෙට (12) දිනයේදී විශේෂ රාජ්‍ය සමාව යටතේ රැඳවියන් 350 දෙනෙක් නිදහස් කිරීමට නියමිතයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ හෙටට (12) යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් මෙම රැඳවියන් නිදහස් කරන බවයි.

ඒ අනුව සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350 දෙනෙකුට මෙම විශේෂ රාජ්‍ය සමාව හිමිවනු ඇති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනැමීමට නියමිතයි.