― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසීතා අරඹේපොළට රාජ්‍ය අමාත්‍ය ධුරයක් - Breaking

සීතා අරඹේපොළට රාජ්‍ය අමාත්‍ය ධුරයක් – Breaking

සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සීතා අරඹේපොළ පත් කර තිබෙනවා.

මීට පෙර කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය ගීතා කුමාරසිංහ විසින් දරනු ලැබූ අතර ඇය පසුගියදා සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කරනු ලැබුවා.

මේ හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගීතා කුමාරසිංහ එම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපනු ලැබුවා.

මීට අමතරව තවත් රාජ්‍ය අමත්‍යවරුන් සිවුදෙනෙක් ජනාධිපතිවරයා විසින් නෙරපා හරිනු ලැබුවා.