― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot NewsGMOA යළි වැඩ වර්ජනයකට සැරසෙයි

GMOA යළි වැඩ වර්ජනයකට සැරසෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යළිත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා.

ඒ අනුව ලබන බදාදා (18) සිට ඔවුන් එම වර්ජනයේ නිරත වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

එමෙන්ම අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලු රෝහල්වල කළු කොඩි දැමීමට තීරණය කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතපාල පැවසුවේ.

වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව ගෙන ඇති විනය පරීක්ෂණය පිටුපස හිටපු දේශපාලන බල අධිකාරියක බලපෑමක් ඇතැයි තමන්ට බරපතළ සැකයක් පවතින බවයි රජයේ නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.

මෙම විනය පරීක්‍ෂණය ආරම්භ කර ඇත්තේ විධිමත් පැමිණිල්ලකින් තොරව බව පවසන වෛද්‍යවරයා අවධාරණය කළේ විධිමත් පැමිණිල්ලකින් තොරව විනය පරීක්ෂණයක් කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් බවයි.

ඊයේ පැව්ඣති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී එලැඹන සතිය තුළ කළු කොඩි විරෝධතාවයක් පැවැත්වීමට ඒකමතිකව තීරණය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.