27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් ඡන්දයට දී තිබූ අතිරේක කාලය අදින් අවසන්

තැපැල් ඡන්දයට දී තිබූ අතිරේක කාලය අදින් අවසන්

තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබා දී තිබූ අතිරේක කාලය අදින් (12) අවසන් වනවා.

මැතිවරණ කොමිසම පැවසුවේ මෙතෙක් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද දිනයේ (12) තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බවයි.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සැප්තැම්බර් මස 04,05 හා 06 යන තෙදින වෙන් කර තිබූ අතර එම කාලය තුළ ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින් සඳහායි ඊයේ (11) සහ අද (12) දිනයේදී අතිරේක දින ලෙස තැපැල් ඡන්දය ලබාදීම සඳහා අවස්ථාව ලබාදුන්නේ.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ සියයට 98ක ප්‍රමාණයක් මෙවර තැපැල් ඡන්දය භාවිත කර ඇති බවයි.