27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපියාගේ පහරින් පුත්‍රයා අවසන් ගමන් යයි

පියාගේ පහරින් පුත්‍රයා අවසන් ගමන් යයි

ගල්කිස්ස පොලිස් වසමට අයත් බොරුපන ප්‍රදේශයේදී පුද්ගලයෙකු තම පුතාට සහ බිරිඳට පහර දී පළාගොස් තිබෙනවා.

සිද්ධියෙන් ඔහුගේ පුත්‍රයා මියගොස් ඇති අතර පළා ගිය පුද්ගලයා සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (11) පෙරවරුවේ පවුල් ආරවුලක් මත සැමියා විසින් සිය බිරිඳට සහ පුතාට මෙලෙස තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමෙන් තුවාල බිරිඳ හා පුත්‍රයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී පුත්‍රයා මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලාන, බොරුපන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.

පළාගිය සැකකරු සොයා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.