― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමුස්ලිම් ජනතාවගේ භූමදාන අයිතිය නීතියෙන්ම ලබා දෙනවා - ජනපති

මුස්ලිම් ජනතාවගේ භූමදාන අයිතිය නීතියෙන්ම ලබා දෙනවා – ජනපති

මුස්ලිම් ජනතාවගේ භූමදානය පිළිබඳ අයිතිය නීතියෙන්ම ලබා දෙන බවත් අනෙක් නායකයන් මැතිවරණ වේදිකාවේ පොරොන්දු දෙන විට, තමා ජනතාව ඉදිරියට පැමිණෙන්නේ පොරොන්දු ඉටු කිරීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) පස්වරුවේ කල්මුණේ, සයින්දමරදු ෆවුසි ක්‍රීඩාංගණයේ පැවති ‘රනිල්ට
පුළුවන්’ විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

පොහොර මිල අඩු කරන බවට සහ ගොවි ණය කපා හරින බවට අද ප්‍රකාශ කරන සජිත් හා අනුර එදා මේ රටේ ගොවි ජනතාව පොහොර නැතිව දුක් විඳින විට සිටියේ කොහේදැයි තමා ප්‍රශ්න කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ පැන ගිය අය අද තම අනාගතය වෙනුවෙන් බලය ඉල්ලන බව පැවසූ ජනාධිපතිවරයා තමා මෙවර ජනාධිපතිවරණයේදී ජන වරම ඉල්ලා සිටින්නේ රටේ අනාගතය වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහන ඉදිරියට ගෙන යාමට බවයි සඳහන් කළේ.

එසේම තමා කිසිවිටෙකත් ජනවාර්ගික ප්‍රශ්නය සහ ආගමික ප්‍රශ්නය පදනම් කර ගනිමින් මැතිවරණ නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මුස්ලිම් ජනතාවගේ භූමදානය පිළිබඳ අයිතිය නීතියෙන්ම ලබා දෙන බව අවධාරණය කළා.

ඔබට ආහාර නොතිබූ අවස්ථාවේ මම ආහාර ලබා දුන්නා. ඔබට ඖෂධ, පොහොර, ඉන්ධන සහ ගෑස් නොතිබූ අවස්ථාවේ මම එම අවශ්‍යතා සපුරා දුන්නා. ඔබට බලාපොරොත්තු නොතිබූ අවස්ථාවේ මම බලාපොරොත්තුවක් ලබා දුන්නා.

ඔබ ආහාර නැතිව කුසගින්නේ සිටීම මට වේදනාවක් වුණා. ඔබ ඉන්ධන, ගෑස්, පොහොර නැතිව සිටිනවා දුටු විට මම කණගාටු වුණා. රටේ ජනතාව දුක් විඳිනවා දැක මම කණගාටු වුණා. කිසිවෙක් රටේ වගකීම භාර නොගත් නිසා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනය පරිදි මම ජනාධිපති ධූරය භාරගත්තා.

අසීරු, ජනප්‍රිය නොවන තීන්දු ගනිමින් මම මේ රටේ ආර්ථිකය ගොඩගත්තා. අද ජීවන බර වැඩියි කියන සජිත්ගෙන් සහ අනුරගෙන් මම අහනවා ඇයි ඔබ මේ රට භාරගෙන ජනතාවගේ ජීවන බර අඩු කළේ නැත්තේ කියලා. ආර්ථික අර්බුදය හමුවේ ඔවුන් බියේ පැන ගියා. මට මේ රට භාර ගැනීමට සිදු වුණා. දැන් මම රට ඉදිරියට ගෙන යාමේ වගකීම භාරගෙන තිබෙනවා. ඒ නිසා සජිත් සහ අනුර ගැන නැවත
විශ්වාසයක් තැබිය හැකිද කියා මම අහනවා.

මෙම ජනාධිපතිවරණයේදී මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ ජනවරමයි. සජිත් කියන්නේ හැමදේම නොමිලේ දෙනවා කියලා. රටක් එහෙම සංවර්ධනය කරන්න බැහැ.
ආර්ථික අර්බුදය හමුවේ බයවෙලා පැන ගිය අය දැන් ඒ අයගේ අනාගතය වෙනුවෙන් බලය ඉල්ලනවා. මම ආවේ මේ රටේ ජනතාවගේ අනාගතය ගැන හිතලයි. ඒ නිසා ඔබේ අනාගතය ගැන සිතා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරිපස කතිරය ගහන ලෙස මම ඉල්ලනවා.”