― political ―

VAT බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා – අනුර

ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට ඇතුළත් වැට් බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව...
HomeHot Newsරනිල් රට භාර ගත් පසු හොරු නැති කළා - දුමින්ද

රනිල් රට භාර ගත් පසු හොරු නැති කළා – දුමින්ද

ගෑස් පෝලිම්වලට, විදුලි කප්පාදුවට, තෙල් පෝලිම්වලට හා ආර්ථික අර්බුදයට විසඳුම් ලැබුණේ රනිල් වික්‍රමසිංහව පාර්ලිමේන්තුවේ ජනාධිපති කරපු නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ රට භාර ගත් පසු හොරුන්ට ඉඩක් නැති කළ බවයි.

2019 වර්ෂයේ තමන්ට ආණ්ඩුවේ නිල නිවසින් ඉවත්වීමට තිබුනත්, එම නිල නිවසේ තමන්ට ඉන්න පින පාදා දුන්නේ අනුර කුමාර දිසානායක බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළා.

“අවුරුදු 35 ක්ම මම ඉන්නේ ආණ්ඩුවේ ගෙදරක. ඒකට මම ස්තූති කරනවා අනුර කුමාරට. හරි නම් මම ඒ ගෙදරින් අයින් වෙන්න ඕන 2019 දී හැබැයි මට ඒ ගෙදර ඉන්න පින පෑදුවේ අනුර කුමාර. එයා හැමතැනම ගිහින් කියන කතාවක් තමයි 1994 ඉඳන් මම ඉන්නේ ආණ්ඩුවේ ගෙදරකලු. ඒක ඇත්ත, බොරු නෙමෙයි. අනුර කුමාර කියන ඒ කතාව 100% ක් ඇත්ත. හැබැයි අවුරුද්ද වැරදියි. මම 1994 ඉඳන් නෙමෙයි, 1989 ඉඳන් ඉන්නේ ආණ්ඩුවේ ගෙදරක. මට වයස අවුරුදු 10දී මගේ තාත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නේ. ඉතින් 89 ඉඳන් තාත්තා මන්ත්‍රී නම් මම තාත්තාගේ ගෙදර ඉන්නේ නැතිව අනුර කුමාරගේ ගෙදර ඉන්නද? ඒගොල්ලෝ මගේ මහ ගෙදර ගිනි තිබ්බ නිසා දැනුත් මම ඉන්නේ ආණ්ඩුවේ ගෙදර.

ගෑස්, ලයිට්, ඩොලර් නැති වෙච්ච එකට උත්තර හොයන්න වුණේ අපිට, ඔබතුමන්ලාට මතක ඇති ලයිට් නැති වුණානේ අපිට. ලයිට් නැති වුණේ ශ්‍රී ලංකා, යූ.එන්.පී, පොහොට්ටු, ජේ.වී.පී කියල භේදයකින් තොරව රටේම ලයිට් නැති වුණා. අපි ලයිට් දෙන්න ක්‍රමය හැදුවා. රටේ ජනතාව කිව්වෙත් ලයිට් නෑ කියලා. සජබ, ජේ.වී.පී එක කිව්වෙත් ලයිට් නෑ කියලා. ඒගොල්ලෝ උත්තර විදිහට පන්දමක් පත්තු කරගෙන හන්දි ගානේ ගියා. මෙතන ඉන්න ඔබතුමන්ලාත් යන්න ඇති. අපි තරහා නෑ. තමන්ට ලයිට් ටික නැති වුණාම පන්දමක් අල්ලන් ඉන්නවා ලයිට් ටික හම්බෙයි කියලා. ඔබතුමන්ලාට ප්‍රශ්නයක් තියෙන නිසා ඔබතුමන්ලාත් ඒකේ හවුල්කාරයෙක්, කොටස්කාරයෙක් වුණා නොදැනීම. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිත් ලයිට් ටික දුන්නේ නැතිව ජෙප්පෝ කිව්ව විදිහට පන්දම් අල්ලන් හිටියා නම් තාමත් පන්දම් අල්ලන් ඉන්න වෙනවා.”