අද (12) දිනයේදී බන්ධනාගාරගත රැඳවියන් 362 දෙනෙකුට නිදහස ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පැවසුවේ අදට (12) යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් සුළු වැරදි හේතුවෙන් බන්ධනාගාරගත කළ සිරකරුවන් 362ක් මෙලෙස නිදහස් කරන බවයි.
මෙලෙස නිදහස ලබන රැඳවියන් අතර කාන්තාවන් සිවුදෙනෙක් ද වනවා.