― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවයරයකින් ගෙල සිර කර බිළිඳිය ඝාතනය කළ බවට මවගෙන් පාපොච්චාරණයක්

වයරයකින් ගෙල සිර කර බිළිඳිය ඝාතනය කළ බවට මවගෙන් පාපොච්චාරණයක්

පසුගියදා ආගරපතන, හෙන්ෆොල්ඩ් වතුයායේ ත්‍රිරෝද රථයක තිබි මියගොස් සිටි බිළිඳා ගෙල සිරකර ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

ආගරපතන පොලිස් වසමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ ත්‍රිරෝද රථයක තිබී බිළිඳු මළ සිරුරක් පසුගියදා (10) සොයාගනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 28 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරු, සහ 24 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කළා.

සැකකාර රියදුරු සහ තමා අතර ඇති අනියම් සම්බන්ධය හේතුවෙන් මාවනැල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී තමා බිළිඳියක් ප්‍රසූත කළ බවයි කාන්තාව පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

තම සහෝදරියගේද සහය ඇතිව බිළිඳියගේ ගෙල වයරයකින් සිර කර ඝාතනය කළ බවත් තමා ත්‍රිරෝද රථ රියදුරු සමඟ මළ සිරුර වළ දැමීමට ආගරපතන ප්‍රදේශයට පැමිණි බවත් ඇය පොලීසිය හමුවේ පාපොච්ඡාරණය කර තිබෙනවා.