29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසීනි බදු වංචාවට එරෙහි පෙත්සම් 02ක් කැඳවීමට දින දෙයි

සීනි බදු වංචාවට එරෙහි පෙත්සම් 02ක් කැඳවීමට දින දෙයි

පසුගිය පාලන සමයේදී ආනයනික සීනි සඳහා බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1590ක් පාඩු වූ බව පවසමින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන වසරේ අප්‍රේල් 02 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ගොනු කර ඇති මෙම පෙත්සම අද (12) එස් තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම පෙත්සම සඳහා විරෝධතා ඇත්නම් සති අටක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම සංශෝධනය කරන ලද වග උත්තරකරුවන්ගේ නාම ලේඛනය සති හතරක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.