― political ―

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නුවා – දුමින්ද

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නූ බවත් ජනාධිපතිකම යනු එක ඉල්ලන ඉල්ලන එකාට දෙන එකක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද...
HomeHot Newsආගමන විගමන පාලකවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

ආගමන විගමන පාලකවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

ආගමන හා විගමන පාලකවරයාට වහාම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

විද්‍යුත් වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

එම්.ඒ. සුමන්දිරන්, රවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව විද්‍යුත් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අගෝස්තු 4 වැනිදා නියෝගයක් නිකුත් කළේය.

මෙම පෙත්සම අචල වෙන්ගප්පුලි, ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

ඉකුත් දා නව ක්‍රමවේදය ආරම්භ කිරීමට පෙර පැවති ක්‍රමවේදය යටතේ වීසා සේවා ක්‍රියාත්මක කරන ලෙස ද විනිසුරු මඩුල්ල නියම කළේය.

ගුවන්තොටුපොළ ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් මතුව ඇති බවත් එබැවින් එම ක්‍රමවේදය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

විද්‍යුත් වීසා සේවාව මෙතෙක් පැවැති ක්‍රමය වෙනස් කරමින් විදෙස් සමාගම් ඇසුරෙන් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබීම නිසා සංචාරක ව්‍යාපාරය අවදානම් සහගත තත්ත්වයකට මුහුණ පා ඇති බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.

එමෙන්ම වීසා ගාස්තු ඉතා ඉහළ යන බවත් මහජනතාවට රජය කෙරෙහි විශ්වාසය බිඳී යන බවත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් පෙත්සම් මගින් අවධාරණය කරනවා.

මෙම තත්ත්වය යටතේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බව පවසන පෙත්සම්කරුවෝ පෙත්සම් විභාගයට අවසර ලබා දෙමින් අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලෙස සිය පෙත්සමෙන් ඉල්ලා සිටියා.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, ආගමන විගමන පාලකවරයා, මහජන ආරක්ෂක අමාත්‍යවරයා, සංචාරක අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව 32ක් නම් කර තිබේ.