― political ―

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නුවා – දුමින්ද

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නූ බවත් ජනාධිපතිකම යනු එක ඉල්ලන ඉල්ලන එකාට දෙන එකක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද...
HomeHot Newsජනප්‍රිය තීන්දු නොගත්තට මං ජනතාවට ඇත්ත කියනවා - ජනපති

ජනප්‍රිය තීන්දු නොගත්තට මං ජනතාවට ඇත්ත කියනවා – ජනපති

අද මාලිමාව රට පුරා වෛරය වපුරමින් සිටින බවත් වෛරයේ මුවාවෙන් ඔවුන් බලය ලබා ගතහොත් අවසානයේ රටට සිදුවන්නේ කුමක්ද කියා ජනතාව සිතා බැලිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (12) කැස්බෑවේ පැවති ‘රනිල්ට පුළුවන්’ විජයග්‍රාහී ජන රැළිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජනප්‍රිය ප්‍රකාශ නොවුණත් තමා සෑමවිටම ජනතාවට ඇත්ත කියන බවත් මේ වනවිට සජිත් පරාජය පිළිගෙන අවසන් බවත්ය.

එසේම සියල්ල නොමිලේ ලබාදෙන බව කියන සජිත්, අනුර කුමාර සහ තමා අතර ඩීල් එකක් ඇති බව ප්‍රකාශ කරමින් අනුර සහ තමාව පරාජය කිරීමට සූදානම් වන බවත් සජිත් ප්‍රේමදාසට සහ නාමල් රාජපක්ෂට දෙන ඡන්දය අනුර කුමාරට දෙන ඡන්දයක් බව ජනතාව අමතක නොකළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

“ලබන සතිය අවසන් වන විට ඡන්දය ලබාදී තමන්ගේ අනාගතය තීරණය කිරීමට මේ රටේ ජනතාවට අවස්ථාව ලැබෙනවා. ඒ මත ජනතාවගේත්, මේ රටේත් අනාගතය තීරණය වෙනවා. වසර දෙකකට පෙර මේ රටේ ජනතාවට ආහාර, ඉන්ධන, පොහොර සහ ඖෂධ නොතිබූ අවස්ථාවේ
තමන්ගේ වැඩපොළ වසා දමා තිබූ අවස්ථාවේ මේ එක නායකයෙක්වත් ජනතාවට ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර ලබාදීමට ඉදිරිපත් වුණේ නැහැ. එදා ඒ නායකයන් කොහෙද හිටියේ කියා මම අහනවා. අද ජනතාව ඉදිරියට පැමිණ ඡන්දය ඉල්ලා සිටියත් එදා ඔවුන් දකින්න හිටියේ නැහැ.

අද ජනතාවට ආහාර, ඖෂධ, ඉන්ධන සහ ගෑස් තිබෙනවා. පෝලිම් නැහැ. රුපියල ශක්තිමත් වී තිබෙනවා. ආර්ථිකය ක්‍රමයෙන් ගොඩඑමින් තිබෙනවා. මෙම ආර්ථික ස්ථාවරභාවය අප තහවුරු කළ යුතුයි. ඒ වෙනුවෙන් තමයි මම මෙවර ජනාධිපතිවරණයේ දී ජනතා වරම
ඉල්ලන්නේ. මේ රට දියුණු කිරීමේ සැලස්ම අප මේ වන විට ජනතාවට ඉරිපත් කර තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

අනුර කියනවා මුන් ඔක්කොම හොරු අපි ඔවුන්ව පන්නා දමා, හිරේ දානවා කියලා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අනුව අයවැයක් හදලා දෙන්න කියලා මම කිව්වා. ඔවුන්ගේ අය වැය පරතරය රුපියල් බිලියන 4000යි. ඔවුන්ගේ අය වැය අනුව රුපියලේ අගය අඩු වෙනවා. එවිට ඩොලරය රුපියල් 420ට යනවා. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා IMF කොන්දේසි කඩ කිරීම නිසා ඔවුන්ගේ සහාය ලබා දෙන්නේ නැහැ කියලා. අද අනුරලා කතා කරන්නේ ගණන් වහලයි. ඔවුන් ජනතාවට ඇත්ත කියන්නේ නැහැ. උන් හොරු, උන් අයින් කරලා දාලා අපි බලය ගන්නවා කියනවා. අප හොරුන්ගෙන් මුදල් අය කරගන්නවා කියනවා.
අපි දූෂණ විරෝධි නීතිය ගෙනාවා.

ඒ නිසා මාලිමාවට කතිරය ගහන්න කියන්නේ වෛර කරන්නද, මාලිමාවට කතිරය ගැහුවොත් සියලුදෙනා ඉවරයි. ඒ නිසා බොරු පොරොන්දු දෙමින් වෛරයේ මුවාවෙන් මොවුන් බලය ගත්තොත් අවසානයේ සිදු වන්නේ කුමක්ද කියා මේ රටේ ජනතාව සිතා බැලිය යුතුයි. බදු අඩු කරනවා කියලා ඔවුන් කියනවා. ගෝඨාභය රාජපක්ෂ කරපු දේ ආපසු කරන්න
අවශ්‍යද, මම කියන්නේ ජනප්‍රිය දේවල් නොවෙයි. මම සෑමවිටම ඇත්ත කියනවා.

අනෙක් පැත්තෙන් සජිත් ප්‍රේමදාස කියනවා සියල්ල නොමිලේ දෙනවා කියලා. අනිත් පැත්තෙන් කියනවා මමයි අනුර කුමාරයි ඩීල් එකක් දාලලු ඔහුව පරද්දන්න. එයින් අදහස් වන්නේ සජිත් පිළිගන්නවා සජිත් පරදින්න යනවා කියලා. සජිත් ප්‍රේමදාසට හා නමල් රාජපක්ෂට දෙන ඡන්දය අනුර කුමාරට දෙන ඡන්දයක් කියලා මම මතක් කරන්න කැමතියි.”