28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතම දියණිය සිවුමස් ගැබිණියක් කළ පියෙක්ට වැඩ වරදී

තම දියණිය සිවුමස් ගැබිණියක් කළ පියෙක්ට වැඩ වරදී

යාපනයේ, ඉනුවිල් ප්‍රදේශයේදී තම දැරිය දූෂණය කර ගැබිණියක් කළ පියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ තම 23 හැවිරිදි දියණිය සිවුමස් ගැබිණියක් කිරීම හේතුවෙන් සැකකාර 54 හැවිරිදි පියෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

දැරියට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය තෙලිප්පලෙයි රෝහලට ගිය අවස්ථාවේදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය මාස හතරක ගැබිණියක් බවයි.

මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී තරුණිය වෛද්‍යවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තම පියා මුලින් තමාව බියගන්වා බලහත්කාරයෙන් දූෂණය කළ බවයි.

කාලයක් පුරා තම පියා මවට හොරෙන් තමා සමඟ අඹු සැමියන් ලෙස ජීවත් වූ බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඉන් අනතුරුව වෛද්‍යවරුන් විසින් මේ පිළිබඳව චුන්නාකම් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පැමිණිල්ලට අදාළව සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

තරුණිය වෛද්‍ය වාර්තවක් ලබා ගැනීම සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.