27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentත්‍රිරෝද රථ අනතුරකින් තිදෙනෙකුට තුවාල

ත්‍රිරෝද රථ අනතුරකින් තිදෙනෙකුට තුවාල

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සිදු වූ ත්‍රිරෝද රථ අනතුරකින් තිදෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ජලය ගලා බසින කාණුවක පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරා සහ එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි දිඹුල පතන පොලිසිය පැවසුවේ.

අද (13) අලුයම හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල මේෆිල්ඩ් මංසන්ධියේදියි මෙම අනතුර සිදුව ඇත්තෙඔඉ.

කොළඹ සිට නුවරඑළිය, රාගල ප්‍රදේශයේ පදංචි ඥාති නිවසකට යාම සඳහා ධාවනය කරමින් තිබූ ත්‍රිරෝද රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි.