23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රිරෝද රථ - දුම්රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථ – දුම්රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ රත්ගම, විජේරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුවී ඇති බවයි.

කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දොඩම්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.