28 C
Colombo
Monday, November 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙලේ සුදාගේ සිරකුටියෙන් දුරකථනයක් හමුවෙයි

වෙලේ සුදාගේ සිරකුටියෙන් දුරකථනයක් හමුවෙයි

විශේෂ කාර්ය බලකාය විසින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදු කළ හදිසි පරික්ෂාවකදී වෙලේ සුදාගේ සිර කුටියේ තිබී නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (12) බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ ඇ කොටසේ අංක 38 සිරමැදිරිය තුළ හදිසි සෝදිසි කිරීමක් සිදු කර ඇත.

එහිදී ජී.ඩබ්ලිව්. සමන්ත කුමාර නෙහොත් ‘වෙලේ සුදා’ රඳවා සිටින ඇ කොටසේ 38 සිරමැදිරිය සෝදිසි කිරීමේදී සිම්පත් රහිත ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජංගම දුරකථනය බන්ධනාගාර පාලනාධිකරිය වෙත භාර දුන් බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.