― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News22 අලුයම රටේ නියත ජනාධිපති රනිල් වික්‍රමසිංහයි - තලතා

22 අලුයම රටේ නියත ජනාධිපති රනිල් වික්‍රමසිංහයි – තලතා

පක්ෂය රැකගෙන, ජනතාවත් රැකගෙන දේශපාලන නායකත්වයක් ලබා දුන් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ පවසනවා.

මේ රටට ව්‍යසනකාරී අවස්ථාවන් පැමිණි සෑම අවස්ථාවකම රට බේරා ගැනීමට ඉදිරිපත් වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවයි ඇය කියා සිටියේ.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (12) පස්වරුවේ
කැස්බෑවේ පැවති ‘රනිල්ට පුළුවන්’ විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ ලබන 22 වැනිදා අලුයම වන විට මේ රටේ නියත ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී පැමිණීම ගැන තමා ආඩම්බර වන බවත්ය.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට යන සිහිනය දකිමින් සිටින බව පැවසූ මන්ත්‍රීවරිය අවධාරණය කළේ පාර්ලිමේන්තුවට යනවාට වඩා මේ රටේ ආර්ථිකය කළමනාකරණය කර, ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කර දීම වටින බව තමා ඔවුන්ට කියන්න කැමති බවයි.

මේ රටේ අනාගතය තීරණය කරන මැතිවරණය මෙයයි. මම නායකයන් දෙදෙනෙක් සමඟ කටයුතු කර තිබෙනවා. වසර ගණනාවක සිට මගේ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. මා ඒ පිළිබඳව ආඩම්බර වෙනවා. අපි දැන ගෙන සිටි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අද ජීවතුන් අතර සිටියා නම්, එතුමාගේ සහයෝගය ලැබෙන්නේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බව විශ්වාසයි. එදා ආර්. ප්‍රේමදාස මහතාට දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේ එය පරාජය කිරීමට නායකත්වය ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. පක්ෂය රැකගෙන, ජනතාවත් රැකගෙන දේශපාලන නායකත්වයක් ලබා දුන් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. මේ රටට ව්‍යසනකාරී අවස්ථාවන් පැමිණි සෑම අවස්ථාවකම රට බේරා ගැනීමට ඉදිරිපත් වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යි. එම නිසා කිසිම බයක් සැකක් නැතුව ඔබේ ඡන්දය එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.