25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්ලබ් වසන්තගේ ඝාතනයට තවත් අයෙක් අල්ලයි

ක්ලබ් වසන්තගේ ඝාතනයට තවත් අයෙක් අල්ලයි

පසුගියදා අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය පැවසුවේ එම වෙඩි තැබීම සඳහා යොදා ගත් උණ්ඩවල KPI ලෙස සටහන් කිරීම සහ මෝටර් රථයකින් සැකකරුවන් රැඳී සිටි අතුරුගිරිය, ගල්පොත්ත පාර ප්‍රදේශයට ගොස් එම සැකකරුවන් ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අළුත්ගම, දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසු වූ වෙළදසැලක අත් උදව්කරුවකු ලෙස කටයුතු කළ තරුණයෙක්.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.