― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅනුරට ආර්ථික කළමනාකරණය ගැන කිසිම දැනුමක් නෑ

අනුරට ආර්ථික කළමනාකරණය ගැන කිසිම දැනුමක් නෑ

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා පවසන අන්දමට වැට් බදු ඉවත් කිරීම තුළින් දැනට ලබන රාජ්‍ය ආදායමින් සියයට පනහක් රජයට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (17) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජාතික ජන බලවේගය ආර්ථික කළමනාකරණය පිළිබඳව කිසිදු දැනුමක් නොමැතිව සිදුකරන ප්‍රකාශ හේතුවෙන් කිසිවිටෙක ඔවුන් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරන්නේ නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

අනුර කුමාර දිසානායක පැවසූ පරිදි ගෝඨාභය රාජපක්ෂ විසින් බදු සහන ලබාදීම තුළින් රටේ ආර්ථිකය කළමනාකරණය කරගැනීමට නොහැකිව බංකොලොත් වූවා නම් ඔන්න කුමාර දිසානායක මහතා වර්තමානයේ පවසන පරිදි වැට් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කළහොත් රුපියල් බිලියන 1400 ක් රාජ්‍ය ආදායමට අහිමිවන බවත් මේ තුළින් 2022 වඩාත් දරුණු ආර්ථික අර්බුදයකට රට ගෙනයාම සිදුවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මහ බැංකු පනතට විරුද්ධ වූ අනුර කුමාර දිසානායක මහ බැංකු පනත හරහා මහ බැංකුව ස්වාධීන කිරීම සුදුසු බවට මතයට පැමිණ ඇති බවත් එතුමන් පවසන පරිදි මහ බැංකුවේ ස්වාධීනත්වය ඉවත්කොට මුදල් අමාත්‍යාංශය හරහා දේශපාලන අතපෙවීමක් හා අනවශ්‍ය බලපෑමක් මහ බැංකුවේ ක්‍රියාකාරීත්වයට යෝජනා කිරීම සඳහා පනත සංශෝධනය කිරීම මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉවත්වීම සිදුවන බවත් ඔහු පැවසුවා.