28.4 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅරගලයට අදාළ වීඩියෝ හුවමාරු කරන්නන්ට නීති තදවෙයි

අරගලයට අදාළ වීඩියෝ හුවමාරු කරන්නන්ට නීති තදවෙයි

2022 වසරේ පැවති අරගලයට අදාළව දේශපාලන වාසි තකා, නොමඟ යවන සුළු, ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කළ හැකි වීඩියෝ දර්ශන හුවමාරු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.

2022 මැයි 9 වැනිදා කටුනායක ගුවන්තොටුපළ අසළ සිදුකළ වාහන පරීක්ෂා කිරීම්, ඇඳිරි නීතිය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ සිදුවීම් ඇතුළත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින බව අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අතීතයේ සිදු වූ සිදුවීම් සහිත එම වීඩියෝ පටවල වත්මන් සිදුවීම් වැරදි ලෙස නිරූපණය කර ජනතාව නොමග යවමින් නීතිය හා සාමය කඩාකප්පල් කරමින් පවතින බව පොලිසිය පවසනවා.

මෙවැනි වැරදි වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමෙන් වළකින ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මීට අමතරව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් අසත්‍ය ප්‍රචාර පළ කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.