ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (17) දිනයේ පැවැත්වීමට නියමිතයි.
මැතිවරණ කොමිෂන් සභා පරිශ්රයේදීයි මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ.
ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව ද මෙයයි.
දිවයිනට පැමිණ සිටින නිරීක්ෂකයින් හෙට (18) දිනයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවලට නිරීක්ෂණ කටයුතු සඳහා පිටත්ව යාමට නියමිත අතර මේ හේතුවෙනුයි අද දිනයේදී මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව හා ඔවුන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන්නේ.