23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමැතිවරණ රැලිවලට කෝටි 200ක් වැය කර සෙනඟ ඇදලා

මැතිවරණ රැලිවලට කෝටි 200ක් වැය කර සෙනඟ ඇදලා

මෙවර ජනාධිපතිවරණය සඳහා කෝටි දෙසීයකට වැඩි මුදලක් වැය කර ප්‍රචාරණ රැලි සඳහා බස් රථ ලබාගෙන ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරන්න පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (17) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකකට එක්වෙමිනි.

මෙලෙස බස් ලබාදීම හරහා රුපියල් කෝටි සීයකට ආසන්න මුදලක ලාභයක් ලබා ඇති බවයි ඔහු එහිදී සඳහන් කළේ.

එමෙන්ම හෙට දිනයේදී පැවැත්වෙන අවසාන රැලි සඳහා බස් 1500ක් දැනටමත් ඉල්ලුම් කර ඇති බව ඔහු කියා සිටියා.

වැඩිම බස් ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය බවත් ඔවුන් මීට මාස හයකට පෙර සිට මෙම බස් ලබා ගැනීම සිදුකර ඇති බවත් ඔහු එහිදී අවධාරණය කළා.

මැතිවරණ රාජකාරී සඳහා බස්රථ පන්සීයකට ආසන්න ප්‍රමාණයක් ලංකාව පුරා යොදවා ඇති බවත් දුර සේවා බස් රථ විශාල ප්‍රමාණයකින් අඩු වෙනු ඇති බවත් ගැමුණු විජේරන්න වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම මැතිවරණය හේතුවෙන් 20 වැනිදා බස් රථ 50% ප්‍රමාණයක් ධාවනයට යොදවන බවත් 21 වැනිදා 10-15%ත් අතර ප්‍රමාණයක් යොදවන බවත් කල් වේලා ඇතුව ඡන්දපොළට ගොස් ඡන්දෙ දැමීමට බස්රථ සඳහා පැමිණීමේදී වේලාසනින් බස් නැවතුම්පොළට පැමිණෙන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.