27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරයෙක් ඝාතනය කෙරේ

ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරයෙක් ඝාතනය කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල, හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ පහර දී ඝාතනය කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මොහු පදිංචිව සිටි හෝමාගම, පනාගොඩ සමගි මාවතේ නිවසේදී කිසියම් අයෙක් විසින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

පොලීසිය පැවසුවේ ඝාතනයට ලක් වූ පුද්ගලයා අනියම් සම්බන්ධයක් පැවැත් වූ කාන්තාවක් විසින් දින කිහිපයකට පෙර එම පුද්ගලයාව ඝාතනය කරන බවට දුරකථන පණිවිඩ එවා තිබූ බවට කරුණු අනාවරණය වූ බවයි.

එම පුද්ගලයා අද (17) පනාගොඩ, සමගි මාවත නිවසේ සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු මුගුරකින් හිසට පහර දී බරපතල තුවාල සිදු කර ඇති තුවාල ලැබූ තැනැත්තා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඝාතනය සිදු කළ සැකකරු මෙතෙක් හඳුනා ගෙන නැහැ.

මියගිය පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හින්දුම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කර සති දෙකකට පමණ පෙරදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හමු වී සහයෝගය පළ කිරීමට කටයුතු කරනු ලැබුවා.