― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසජිත් හා අනුර ළඟ තියෙන්නේ බොරු පොරොන්දු විතරයි

සජිත් හා අනුර ළඟ තියෙන්නේ බොරු පොරොන්දු විතරයි

අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්නැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) පස්වරුවේ වැල්ලවායේ පැවති ‘රනිල්ට පුළුවන්’ විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ IMF සහය හිමිව ඇත්තේ මේ වන විට ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන සඳහා බවත් සජිත් හා අනුර ළඟ බොරු පොරොන්දු මිස වැඩපිළිවෙළක් බවත්ය.

“මේ රටේ තරුණ තරුණියන්ට වසර 04ක් රැකියා හිමි වුණේ නැහැ. ලබන වසරේ රජයේ සහ පුද්ගලික අංශයේ ස්වයං රැකියා ලක්ෂයක් අප ඇති කරනවා. ඒ වගේම තවත් 50,000කට තමන් කැමති ආයතනයක පුහුණුවක් ලැබීම සඳහා මුදල් ලබාදීමට අප බලාපොරොත්තු
වෙනවා. මේ සඳහා අප වැල් පාලමේ ගමන අවසන් කළ යුතුයි. අපට තව ටිකක් ඉදිරියට යාමට තිබෙනවා. දැන් වැල් පාලම ටිකක් සෙලවෙනවා. සැප්තැම්බර් 21 වැනිදා ජනතාව සිය යුතුකම ඉටු කරනවා නම් අපට මේ වැල් පාලමේ ගමන සාර්ථකව අවසන් කළ හැකියි. වැල් පාලමෙන් එගොඩ වන දරුවාගේ අයිතිය ගැනීමට අද නතාලියාලා දෙදෙනෙක් ඉන්නවා. දෙදෙනාටම කථා කළ හැකි නමුත් වැඩ කරන්න බැහැ. ඒ නිසා මොවුන්ට රටේ අනාගතය භාර දෙන්න බැහැ. අපි ඉදිරියට යනවානම් IMF සහාය සමඟ ඉදිරියට යා යුතුයි. එම සහාය හිමිව තිබෙන්නේ මේ වන විට ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන නිසයි.

අප මේ ගැන පැවසූ විට හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර මට විවාදයකට කථා කළා. මම ඒ සඳහා සූදානම් බව පැවසුවා. නමුත් මම තවම බලාගෙන ඉන්නවා. නමුත් තවමත් ආරාධනයක් නැහැ. අද වුවද මම ඊට සූදානම්. ඇයි ඔවුන්ට වාද කරන්න බැරි. ඒ ඔවුන්ට වැඩපිළිවෙළක් නැති නිසයි. සජිත් ඕන දෙයක් නොමිලේ දෙන්න ලෑස්තියි. ඔහු ඉදිරියට කියයි හිසරදයත් නොමිලේ දෙනවා කියලා. නමුත් අපි අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතුයි. ඒ සඳහා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලනවා.”