හෙට (18) දිනයේදී දිවයිනේ සියලු රෝහල්වල දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
හෙට පෙරවරු 08 ට මෙම වැඩ වර්ජනය ආරම්භ කෙරෙනවා.
විධිමත් පැමිණිල්ලකින් තොරව බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ සම්බන්ධව ක්‍රියාත්මක කරනු ලබන විනය පරීක්ෂණයට එරෙහිවයි ඔවුන් මෙම වර්ජනය සිදුකරනු ලබන්නේ.