― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsචීනය නිසා ශ්‍රී ලංකාවට මිලියන 7,000ක ඉතිරියක්

චීනය නිසා ශ්‍රී ලංකාවට මිලියන 7,000ක ඉතිරියක්

2025 නව පාසල් වාරයට අවශ්‍ය පාසල් නිල ඇඳුම් 100% ක්ම නොමිලේ චීනයෙන් හිමිවීම මඟින් රටට රුපියල් මිලියන 7,000ක මුදලක් ඉතිරි වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

මෙම නිල ඇඳුම් තොගය 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20වන දිනට පෙර බෙදාහැරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් චීන තානාපතිතුමන් සහ චීන රජයේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිළුලයකට අනුව එම රජය විසින් ප්‍රදානයක් ලෙස 2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ල ම ඇසුරුම් කර ලබා දීමට නියමිතය.

ඒ අනුව නොවැම්බර් මස 13වන දින එහි පළමු තොගය ද, නොවැම්බර් මස 21 වැනිදා එහි දෙවන තොගය ද, දෙසැම්බර් මස 20වන දින එහි තෙවන තොගය ද, ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව මේ වන විටත් චීන රජය විසින් තහවුරු කර ඇත.

මෙම ප්‍රදානය ලබා දීම පිළිබඳව චීන රජයටත් චීන තානාපතිතුමන්ටත් සිය ස්තූතිය පුද කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.