― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනාමල් හා සජිත් මොන සන්ධාන හැදුවත් රනිල් දිනනවා - රාජිත

නාමල් හා සජිත් මොන සන්ධාන හැදුවත් රනිල් දිනනවා – රාජිත

ජනපති ධුරය සහ විපක්ෂ නායක ධුරය බෙදාගැනීමට නාමල් හා සජිත් අශුද්ධ සන්ධානයක් පිහිටුවාගෙන ඇති බවත් කුමන සන්ධාන හැදුවත් ජනපති රනිල් දිනන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (18) කොළඹ, මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය
හමුවකට එක්වෙමිනි.

ඒ අනුව ජනාධිපතිවරණය ජයගැනීමට තමන්ට සහාය දීම වෙනුවෙන් නාමල් රාජපක්ෂට විපක්ෂ නායක ධුරය ලබාදීමටත්, රාජපක්ෂවරුන්ට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීමටත් සජිත් ප්‍රේමදාස පොරොන්දු වී ඇති බවයි මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය අඩාල කිරීමට කුමන අශුද්ධ සන්ධාන පිහිටුවා ගත්තත් ඒ කිසිවක් සාර්ථක නොවන බවත් මේ වන විටත් ජනාධිපතිවරයා ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන්ම සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළා.

“මෙවර ජනාධිපතිවරණයේදී තරගය පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර බව බොහෝ දෙනාගේ අදහසයි. ගමේ ජනතා විමුක්ති පෙරමුණට මහා බලයක් නැහැ. එනිසා භූමියේ පවතින යථාර්ථය අප තේරුම්ගත යුතුයි. සමගි ජන බලවේගය දෙවනි ස්ථානයේ සිටියත්, ඉතාමත් පසුගාමී තත්ත්වයක පසුවෙනවා. අද සමාජ මාධ්‍යවල පැතිර යන්නේ වෙනත් කතාවක්. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ වායු බුබුලක්. ඒ වායු බුබුල පුම්බලා තිබෙනවා. නමුත් ඇතුළත
තිබෙන්නෙ හුළං. එනිසා එය අමූලික මායාවක්. මේ මායාව සැප්තැම්බර් 22 වැනිදා උදෑසන වන විට යථාර්ථයක් බවට පත්වෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රටේ ආර්ථිකය ගොඩනැංවුත් ඔහු රාජපක්ෂවරුන් ආරක්ෂා කළ බව පවසමින් ඇතැමුන් චෝදනා කරනවා. ඒ කාලේ කිව්වේ රනිල් රාජපක්ෂ කියලයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රාජපක්ෂවරු ආරක්ෂා කළා නම්, අද ඔවුන් ජනාධිපතිවරයාට විරුද්ධව කටයුතු කරයිද? රාජපක්ෂවරුන් සජිත් සමඟ එක්වුණා වගේම ඔවුන් සජිත් සමඟ අශුද්ධ සන්ධානයක් පිහිටුවා ගත්තා.

සජිත් සහ නාමල් අතර තිබෙන මෙම අශුද්ධ සන්ධානයේ අරමුණ ජනාධිපතිවරණයෙන් සජිත් දිනවා නාමල් විපක්ෂ නායක ලෙස පත්කර ගැනීමයි. ඒ වෙනුවෙන් රාජපක්ෂවරුන්ට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැති බවට සජිත් සහතිකයක් ලබාදී තියෙනවා. සජිත් තමන් වංචාවේ නිරත වී අනුන් වංචා කරන බවට ඇඟිල්ල දිගු කරනවා.

පහුගිය දිනවල මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ, සජිත් සමඟ සාකච්ඡා කළා. ජනාධිපතිවරයා ලෙස පත්වීමට තමාට උපකාර කරන ලෙසත් ඒ වෙනුවෙන් නාමල් විපක්ෂ නායක බවට පත් කිරීමට සහාය ලබාදෙන බවටත් සජිත් එහිදී පොරොන්දු වී තිබෙනවා. මේක තමයි අශුද්ධ සන්ධානය. ඉදිරි වසර පහ තුළ නාමල් රාජපක්ෂ විපක්‍ෂ නායක
ලෙස කටයුතු කරමින් මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.”