30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

ජනාධිපතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රී 12න් අවසන් කළ යුතු වනවා.

ඒ අනුව සියලුම දේශපාලන පක්ෂ හා ජනාධිපති අපේක්ෂකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රචාරක රැලි අවසන් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

අද මැදියම් රැයේ සිට සැප්තැම්බර් 21 වැනිදා දක්වා කාලය නිහඬ කාලයක් ලෙස සලකනු ඇති.

කෙසේනමුත් මේ පිළිබඳවා නොසලකා හැර මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.