― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නුවා - දුමින්ද

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නුවා – දුමින්ද

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නූ බවත් ජනාධිපතිකම යනු එක ඉල්ලන ඉල්ලන එකාට දෙන එකක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (17) අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ගෙදරට ලෙඩෙක් ඉන්නවා නම් අහළ ගම් හතේම අය ඇවිත් ලෙඩා බැලුවට ලෙඩා හොඳ නොවන බවත් ලෙඩා හොඳ වෙන්න නම් දොස්තර කෙනෙක් ගාවට ගෙනියන්න ඕන බවත්ය.

“දැන් රනිල්ගේ ජොබ් එක ඉවරයි. රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නුවා. නැගිටින්න පුලුවන් කියලා රනිල් පෙන්නුවේ ඔයගොල්ලන්ගේ හයියෙන් නෙමෙයි. පාර්ලිමේන්තුවේ අපේ හයියෙන්. දැන් එහෙම නම් ජනතාවට තියෙනවා යුතුකමක්, වගකීමක්, ඉතුරු අවුරුදු 05 දී මේ නැගිට්ටා වගේම, තවත් නැගිට්ටවා ගන්නවාද කියලා තීන්දු කරන්න ඕන ඔබතුමන්ලා. ඒ නිසා හරියට බුද්ධියෙන් කල්පනා කරලා මේ 21 වැනිදා තීන්දුව ගන්න ඕනකම තියෙනවා. සමහරු රට අනුරට කියද්දී රනිල් කියන්නේ ‘පුලුවන් ශ්‍රී ලංකා’ කියලා. අපි හැමෝම එකතු වුණොත්, අපි හැමෝම අත්වැල් බැඳගත්තොත් මේක අපිට කරන්න පුලුවන් කියලා. බැරි දෙයක් නෙමෙයි. අවුරුදු 02 ක් තුළ වැටිලා තිබුණු රට අද ශක්තිමත් වේගෙන යනවා. එහෙම නම් දැන් රනිල් පාස්. ඒ දවස්වල ෆේල් හැබැයි දැන් පාස් කියලා ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා තමයි ආයේ පාරක් අපි රනිල්ව දිනවමු. රනිල්ට බලය දෙමු. රනිල්ගේ වැඩපිළිවෙල රටට හොඳයි කියලා අපි කියන්නේ.

පහුගිය අවුරුදු 02 දී අපි දේශපාලනය කළේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටුව, එක්සත් ජාතික පක්ෂය කියන අපි කවුරුත් දේශපාලනය කලේ නෑ. අපිට තිබුණා දේශපාලනය කරනවාට වඩා එහා දෙයක්. තෙල් නැති රටේ තෙල් ටික ගන්න සල්ලි හොයන එක, ආර්ථිකය බංකොලොත් රටේ ආර්ථිකය ශක්තිමත් කරන එක, පොහොර නැති රටේ පොහොර ජනතාවට අවශ්‍යය ලෙස ගේන එක, ඒ නිසා තමයි අපි ගමේ දේශපාලනය කළේ නැත්තේ. හැබැයි සජබ හා ජේවීපී එකයි අපි ලයිට් නැතිව ඉන්න කොට ලයිට් නෑ නේද කියලා ඇහුවා. රටේම පොහොර ලයිට් නැති වෙන කොට අපි දේශපාලනය නොකර උත්තර හොයන කොට ඒ ගොල්ල ඔයගොල්ලන්ට පෙන්වන්න හැදුවා ඔයගොල්ලන්ගේ ප්‍රශ්නය දැනෙන්නේ සජබෙට, ජවිපෙට විතරයි කියලා, ප්‍රශ්න ගැනම කථා කර කර උත්තර හොයන්නේ නැතිව ප්‍රශ්නයත් එක්ක ඔබතුමන්ලාව මුලාවේ දදා අවුරුදු 02 ක් ගත කළා. උත්තර හෙව්වේ නෑ.

ගෙදරක් ලෙඩෙක් ඉන්නවා නම් අහළ ගම් හතේම අය ඇවිත් ලෙඩා බැලුවට ලෙඩා හොඳ වෙන්නේ නෑ. ලෙඩා හොඳ වෙන්න නම් දොස්තර කෙනෙක් ගාවට ගෙනියන්න ඕන. බෙහෙත් දෙන්න ඕන. එහෙම නම් පහුගිය අවුරුදු 02 දීම ශ්‍රී ලංකා එක, පොහොට්ටුව, යූ.එන්.පී එක කරේ බෙහෙත් හොයන එක ප්‍රශ්නවලට උත්තර හොයන එක. හැබැයි අර දෙගොල්ලෝ අපේ ඇඟේ දැවටී දැවටී හිටියා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අපි තමයි කතා කරන්නේ කියලා. ඒ නිසා අපේ ඔලුවලත් සමහර වෙලාවට දේශපාලඥයොන්ට බැන්නා. හොරු කියලා පැත්තකට දැම්මා. දේශපාලනය එපා වෙලා හිටියා. උන් දෙගොල්ලෝ එකතු වෙලා අපේ ප්‍රශ්නය පාර පාර අපිට දේශපාලනය එපා කළා. මේක තමයි පහුගිය අවුරුදු 02 දී වුණේ.

රනිල් වික්‍රමසිංහව මේ රටේ ජනාධිපති කලේ පාර්ලිමේන්තුවෙන් අපි 134 ක් ඡන්දය දීලා. පහුගිය අවුරුදු 02 දීම දැන හෝ නොදැන රනිල් වික්‍රමසිංහට බැනපු එක නේද කළේ. ජනමතයක් නෑ කිව්වා. පාර්ලිමේන්තුවේ 134 කින් පත් වෙච්ච ජනාධිපති කිව්වා. පිං ජනාධිපති කිව්වා. මේ හැම දේම කිව්වා, මේ සියලු අවලාද කියන කොට රනිල් වික්‍රමසිංහ අඩියක්වත් පස්සට ගත්තාද? අපිත් එක්ක, ඔබත් එක්ක තරහා වුණාද? ඒ කියපු මිනිස්සුන්ට, බැනපු මිනිස්සුන්ට උත්තර දෙන්න කාලය නාස්ති කළාද? රනිල් ඒක කළේ නෑ. රනිල් කොච්චර බැන්නත්, කොච්චර අවලාද කිව්වත් බනින මිනිහගෙත් ප්‍රශ්න ටික විසඳන්න උත්තර ටික හෙව්ව එක කළේ. ලෝකය වටේ ගියා. ණය ගැන කථා කළා. ණය කල් දාගන්න වැඩේ, රට ක්‍රමවත් කර ගන්න වැඩේ, රටේ වරද නිවැරදි කරන වැඩේ, රටට සල්ලි ගේන වැඩේ, රට ශක්තිමත් කරන වැඩේ, මේවා තමයි කලේ, එතුමා බනින එවුන්ට උත්තර දෙන්න ගියේ නෑ, නිදහසට කරුණු කියන්න ගියෙත් නෑ, එතුමා බැනුම් අහගෙන, බනින එකාගේ ප්‍රශ්නයට උත්තර ගෙනත් තියෙනවා.

සාමාන්‍යයෙන් රටේ ජනාධිපති එලවලා, ආණ්ඩුවත් එලවලා සේරම යන්න කියලා කියන කොට ලේසියෙන්ම බලය ගන්න තියෙන්නේ ඒ වෙලාවේනේ. ඒ වෙලාවේ අරගෙන මේ වැඩේ කරා නම් හරියට අද මේ රැස්වීම තියන්නේ සජිත් වෙනුවෙන් නේ. සජිත් හරියට කරා නම්, කෙලෙව්වා නම් නෙමෙයි. හරියට කළා නම් අපි රනිල් ගැන කියන්නේ නෑ. අපි කියන්නේ සජිත් ගැන. ඒ නිසා මම සජිත් ගැන මීට වඩා කථා කරන්නේ නෑ. එයාට බෑ කියන එක හැමෝම දන්නවා.”