යාපනය ප්රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්ව ඇති බව කයිට්ස් පොලිසිය පවසනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 74 ක් පමණ වන කරෙයිනගර් ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම ධීවරයා ඉකුත් 17 වැනිදා ධීවර රැකියාව සඳහා නිවසින් පිටව ගිය බවත් මේ වනතෙක් ඔහු පිළිබද තොරතුරක් නොමැති බවත් පවසමින් ඔහුගේ ඥාතින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.