31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇඳෙන් වැටී සිවුදරු පියෙක් ජීවිතක්ෂයට

ඇඳෙන් වැටී සිවුදරු පියෙක් ජීවිතක්ෂයට

ඇඳෙන් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි සිවුදරු පියෙක් බවයි.

මොහු යාපනය ප්‍රදේශයේ අවන්හලක සේවය කරමින් සිට ඇති අතර ඔහු රාත්‍රියේ නිදා සිටියදී මෙසේ ඇඳෙන් බිමට වැටී සිහිසුන් වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔහු වහාම යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතින් වෙත භාර දීමට කටයුතු කොට තිබෙනවා.