ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර විස්සක තහනමක් පැනවීමට කටයුතු කර තිබෙනවා.
ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය විසිනුයි මෙම තහනම පනවා ඇත්තේ.
ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ චර්යා ධර්ම සංග්‍රහය උල්ලංඝනය කළ බවට වන චෝදනා සඳහා ඔහු වැරදිකරු බව සනාථ වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව ඔහුට ඔහුට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ, ප්‍රාන්ත හෝ වෙනත් ක්‍රිකට් සංගමයක හෝ බිග් බෑෂ් කණ්ඩායම් වල කිසිදු තනතුරක් දැරීම තහනම් වනවා.