29 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් රථ ධාවනය 50%ක් දක්වා පහළට

බස් රථ ධාවනය 50%ක් දක්වා පහළට

අද (19) දිනයේදී සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සිදු වුවද හෙට (20) දිනයේදී බස් රථ ධාවනය 50%ක් දක්වා අඩු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ හෙට සහ අනිද්දා යන දෙදින බස් රථ ධාවනය 10%ත් 20% අතර අගයක් ගන්නා බවයි.

බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් ඡන්දය දැමීම සඳහා ගම්බිම් බලා යෑම හේතුවෙන් මෙලෙස බස් රථ ධාවනය අඩාල විය හැකි බවයි ඔහු සඳහන් කළේ.