31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස් - ලොරි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

බස් – ලොරි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ සිදු වූ බස් රථ අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 7 කණුව ආසන්නයේදි අද (19) උදෑසන 6.20 පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

අධික වේගයෙන් පැමිණි බස් රථයක් තේ බීම සඳහා නවතා තිබූ ලුණු පැටවූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට පත් බස් රථය වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වී ඇති අතර බස් රථයේ පා පුවරුවේ ගමන් කළ පුද්ගලයකු මෙලෙස එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් අයෙක් බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 18 කණුව අළුත්ගම, ඉහළ පුළියන්කුලම ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක්.

බස් රථයේ හා ලොරි රථයේ රියදුරන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.