26.7 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමැතිවරණ රාජකාරිවලට විශේෂ දුම්රිය සේවාවක්

මැතිවරණ රාජකාරිවලට විශේෂ දුම්රිය සේවාවක්

ජනාධිපතිවරණ රාජකාරිවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් සඳහා අද (19) සිට 21 වැනිදා දක්වා කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර විශේෂ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොලගේ පැවසුවේ පෙරවරු 9ට මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන බවයි.

පසුව එම දුම්රිය පස්වරු 4.36 පමණ වනවිට කන්කසන්තුරය වෙත ළඟා වීමට නියමිතයි.

පොල්ගහවෙල, කුරුණෑගල, මහව හන්දිය සහ කන්කසන්තුරය දක්වා ඇති සියලුම දුම්රිය ස්ථානවල මෙම දුම්රිය නවත්වනු ලබන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.