31.7 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරමිත් රඹුක්වැල්ලට නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් නියෝගයක්

රමිත් රඹුක්වැල්ලට නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් නියෝගයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කළා.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම නියෝගය නිකුත් කළේය.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ රමිත් රඹුක්වැල්ල විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස දෙකක් රුපියල් මිලියන 80ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවයි.

එම මිලදි ගැනීම් ප්‍රශ්නගත වන බැවින් විමර්ශන කටයුතු සඳහා එම නිවාස දෙක සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව අධිකරණයෙන් ඉල්ලිමක් කළේය.

එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ දේපළ ලබන දෙසැම්බර් මස 19 වැනිදා දක්වා පරිහරණය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.