29 C
Colombo
Friday, October 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිසි දෙලක්ෂයක කේරළ ගංජා සමඟ තිදෙනෙක් කොටු

විසි දෙලක්ෂයක කේරළ ගංජා සමඟ තිදෙනෙක් කොටු

රුපියල් ලක්ෂ 22 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (18) යාපනය පොලිස් වසමේ කොලොම්බුතුරේ සහ ගුරුනගර් ප්‍රදේශයේ දී වැටලීම් සිදු කර ඇත.

එහිදී කේරළ ගංජා කිලෝ 17 ග්‍රෑම් 28 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 27 ත් 42 ත් අතර කොලොම්බුතුරේ සහ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් කේරළ ගංජාවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ විසිදෙකකට ආසන්න බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.