― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රීලනිපයේ ආසන සංවිධායක ඝාතනය කළ ප්‍රධාන සැකකරු අල්ලයි

ශ්‍රීලනිපයේ ආසන සංවිධායක ඝාතනය කළ ප්‍රධාන සැකකරු අල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල, හිනිදුම ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායකයෙකු වන ව්‍යාපාරික සම්පත් ගමගේ මුගුරකින් පහර දී ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අතුරුගිරිය පොලිසිය පැවසුවේ අද (19) කලවාන, වැද්දාගල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත් බවයි.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා සැකකරුගේ දරුවෙකු නිවස වෙත රැගෙන ගොස් බලහත්කාරයෙන් මත්පැන් පොවා අස්වාභාවික ලිංගික කටයුත්තක් සිදු කර ඇති බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳව ඇති වූ කේන්තිය නිසා ඔහුගේ නිවසට ගොස් පහර දී ඝාතනය කළ බව සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් නොතිබූ අවස්ථාවක අතුරුගිරිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩිගමුව, වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සම්පත් ගමගේ පදිංචිව සිටි හෝමාගම, පනාගොඩ, සමගි මාවතේ නිවසේදීයි මෙම ඝාතනය සිදුකර තිබුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.