28.4 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසමාජ මාධ්‍ය හැසිරීම ගැන පොලීසිය දැඩි අවධානයෙන්

සමාජ මාධ්‍ය හැසිරීම ගැන පොලීසිය දැඩි අවධානයෙන්

21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා.

ඒ අනුව අදින් ඇරඹෙන මැතිවරණ නිහඬ කාලසීමාව තුළ සමාජ මාධ්‍ය හරහා සිදු කරනා ප්‍රචාරණයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මැතිවරණ කටයුතුවල ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරීන්, මාර්ග බාධක, කැරළි මර්දන කණ්ඩායම්,
යුද හමුදාව යොදවා ඇති බවයි.

එමෙන්ම මත්පැන් පානය කර සහ තියුණු උපකරණ රැගෙන ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් වළකින ලෙසත් මහජන සාමය රැකීමට පොලිස් නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.