29.5 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාමල්ගේ නැන්දම්මා, දරු දෙදෙනා රට පනී - Breaking

නාමල්ගේ නැන්දම්මා, දරු දෙදෙනා රට පනී – Breaking

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ බිරිඳගේ මව, ඔහුගේ දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් ඥාති කාන්තාවක් අද (20) උදෑසන ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේ ‘සේද මාවත’ ඔස්සේ මෙලෙස ඩුබායි බලා පිටත්ව ගිය බවයි.

මෙම පිරිස අද (20) උදෑසන 10.05ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් මෙලෙස පිටත්ව ගොස් තිබෙනවා.

මොවුන් පළමුව ඩුබායි වෙත ගොස් ඉන් අනතුරුව ඇමෙරිකාව බලා පිටත්ව යාමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.