25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසූර් වී පැමිණි වනඅලියෙක් නිසා ගමක්ම නොසන්සුන්

සූර් වී පැමිණි වනඅලියෙක් නිසා ගමක්ම නොසන්සුන්

පලාගල, හෙට්ටියාව ගම්මානයට බීමතින් කඩාවැදුණු වන අලියෙකු නිසා ගම්වාසීන් බියට පත් වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අලියා ගම්මානයට කඩා වදින අවස්ථාවේදී දරුවන් පිරිසක් සෙල්ලම් කරමින් සිට ඇති අතර ඔවුන්ගේ ජීවිත බේරී ඇත්තේ අනූ නවයෙන් බවයි.

අලියා කලහකාරී ලෙස ගම්වැඩී මෙම දරුවන් සෙල්ලම් කරමින් සිටින ස්ථානයට පැමිණ දරුවන්ට පහරදීමට උත්සාහ දරා ඇති අතර දරුවන්ගේ දෙමාපියන් විසින් දරුවන් බේරාගෙන තිබෙනවා.

කෙසේනමුත් බීමතින් පැමිණි මෙම වන වනඅලියා ගම්මානයට කඩා වැදී විශාල දේපොළ හානියක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වනඅලියා එම ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පෙරන ගෝඩා බැරලයකින් ගෝඩා පානය කර ඉන් මත් වී මෙලෙස ගම්මානයට කඩා වැදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගම්වාසීන් චෝදනා කරන්නේ කලාවැව ජාතික උද්‍යානයට මායිම්ව ඇති හෙට්ටියාව ගම්මානය නිරන්තරයෙන් වනඅලි තර්ජනයට ලක්වන බවත් වනඅලි තර්ජන මධ්‍යයේ පවතින එම ගම්මානයේ ජනතාවට මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ඡන්ද මධ්‍යස්ථානය අලිමංකඩක පිහිටා ඇති බවටත් ගම්වාසීන් මැසිවිලි නගනවා.