― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentපදික මාරුවේදී මෝටර් රථයේ ගැටුණු කතක් රෝහලට

පදික මාරුවේදී මෝටර් රථයේ ගැටුණු කතක් රෝහලට

හොරණ, පොකුණු විට ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටීමෙන් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ හොරණ, පොකුණු විට ප්‍රදේශයේදී පදික මාරුව මතින් ගමන් ගත් කාන්තාවක් යුද හමුදා කොප්‍රල්වරයෙක් පැදවූ මෝටර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබුවේ හල්තොට, ලෙනවර ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක්.

පොලීසිය පැවසුවේ තුවාල ලැබූ කාන්තාව වෛද්‍යවරියකගේ නිවසේ ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කරන අතර ඇය පොකුණු විට නගරයේදී පදික මාරුව මතින් පාර මාරුවීමේදී බණ්ඩාරගම දෙස සිට හොරණ දෙසට ගමන් ගත් මෝටර් රථයක ගැටී අඩි 12 ක් පමණ ඈතට විසි වී මාර්ගයේ වැටී ඇති බවයි.

බරපතළ තුවාල ලද කාන්තාව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

යුද්ධ හමුදා කෝප්‍රල්වරයාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි හොරණ පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකාර කෝප්‍රල්වරයා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.