28.9 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබැසිල් දිවයිනෙන් පිටව යයි - Breaking

බැසිල් දිවයිනෙන් පිටව යයි – Breaking

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අද (20) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ බැසිල් රාජපක්ෂ අද (20) අලුයම කටුනායක ගුවන්තොටුපොළ හරහා ඩුබායි රාජ්‍යය වෙත පිටත්ව ගිය බවයි.

බැසිල් රාජපක්ෂ අද අලුයම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි වෙත පිටත්ව ගොස් තිබෙනවා.

මෙම ගුවන් යානය වෙත පිවිසීම සඳහා ඔහු ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි ‘රන් මාවත’ (Gold Route) පර්යන්තයේ පහසුකම ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බැසිල් රාජපක්ෂ ඩුබායි නුවර වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා.