27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි - Breaking

මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි – Breaking

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ ලිපිය මන්ත්‍රීවරුන් වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි පක්ෂ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි එම පක්ෂය තීරණය කර ඇත්තේ.

ඊට අමතරව එම පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයේ කටයුතු කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චිගේ පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේනගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.