30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentලොරි - ත්‍රිරෝද රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

ලොරි – ත්‍රිරෝද රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

කොළඹ – පුත්තලම මාර්ගයේ අද (20) අලුයම සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ කොළඹ – පුත්තලම මාර්ගයේ කටුනායක 18 කණුව සංඥා පුවරුව අසළ දී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් 67 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ත්‍රිරෝද රථය කොළඹ දෙස සිට මීගමුව දෙසට ගමන් කර ඇති අතර කටුනායක 18 කණුව සංඥා පුවරුව අසළින් මිනුවන්ගොඩ දෙසට හැරවීමේදී මීගමුව දෙස සිට කොළඹ දෙස ගමන් ගත් ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.