29.5 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරේතුඩුව ටිකිරා කොටුවෙයි

හොරේතුඩුව ටිකිරා කොටුවෙයි

පොලිස් වසම් රැසක කොල්ලකෑම් සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර , බණ්ඩාරගම සහ වාද්දුව ඇතුලු පොලිස් වසම් රැසක ගෙවල් බිදුම් 15ක් පමණ සිදුකළ මෙම සැකකරු 31 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

හොරේතුඩුව ටිකිරා නමින් යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවුවෙකු වනවා.

ගෙවල් බිදුම් සිදුකර පැහැර ගන්නා භාණ්ඩ අලෙවි කර මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

සැකකරු සන්තකයේ තිබු රුපියල් ලක්ෂ 30ක වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.