― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsතැපැල් ඡන්ද සලකුණු කිරීම අද ඇරඹෙයි

තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ඇරඹෙයි

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ කෙරෙනවා.

ලබන පළමු වනදා සහ හතරවනදාත් ඊට අවස්ථාව ලබාදී ඇති අතර විශේෂ දිනයන් ලෙස 7 සහ 8 නම් කර තිබෙනවා.

මේ අතර මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ලබාදී ඇති උපදෙස්වලට අනුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල , මැතිවරණ කොමිෂන් සභා කාර්යාල , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, පොලිස් අධිකාරි ,සහකාර පොලිස් අධිකාරි කාර්යාල , පොලිස් ස්ථාන සහ විශේෂ කාර්ය බලකාය , විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශවල කාර්ය මණ්ඩල සහ එම කාර්යාලවලට අනුයුක්ත සිවිල් කාර්ය මණ්ඩලවලට අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කළ හැකියි.

මෙම පිරිස්වලට ලබන 4 වන දා ද ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා තිබෙනවා.

එමෙන්ම ත්‍රිවිධ හමුදා කඳවුරු සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවලට ලබන පළමුවනදා සහ 4 වනදා ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

මෙම දිනයන්හිදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ලබන 7 වනදා සහ 8 වනදා තම සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලදී ඡන්දය භාවිත කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.

ඡන්දය භාවිත කිරීමට සිය අනන්‍යතාව තහවුරු කළ යුතු වනවා.

ඒ සඳහා ජාතික හැදුනුම්පත , වලංගු රියදුරු බලපත්‍රය ,විදේශ ගමන් බලපත්‍රය , මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ තාවකාලික හැදුනුම්පත සහ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ තහවුරු කිරිමේ ලිපිය ඉදිරිපත් කළ හැකියි.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම දිවයින පුරා සිදුකෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

තැපැල් ඡන්ද මධ්‍යස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.