28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොහොර සහනාධාරය ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත

පොහොර සහනාධාරය ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත

පොහොර සහනාධාරය ලබාදීම සඳහා රුපියල් මිලියන 57ක් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කළ බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව, හෙක්ටයාර් 1කට රුපියල් 15,000 බැගින් (28) දිනයේදී මුදල් බැංකු ගිණුම් වෙත යොමු කළ බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා පවසයි.

මේ වන විට රුපියල් මිලියන 113ක් මහා භාණ්ඩාගාරයෙන් මහ කන්නයේ ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට වෙන් කර තිබේ.

දැනට වී වගා කටයුතු ආරම්භ කර ඇති දිස්ත්‍රික්ක කිහිපයකට එම මුදල් ලබාදී ඇති බවත්, ඉදිරියේදී වගා කටයුතු ආරම්භ කරන අයුරට අනුව අදාළ මුදල් නිකුත් කරන බවත් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටී.