32 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot News2024 උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වේ

2024 උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වේ

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළ පරිදි, 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙනවා.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාල පාසල්වල විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ඒවා ඔවුන්ගේ පුද්ගලික ලිපිනයට තැපැල් මඟින් යවා ඇති බවත් දෙපාර්තමේන්තුව පවසනවා.

තවද, තැපැල් මඟින් ප්‍රවේශ පත්‍ර නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්ට නොවැම්බර් 18 සිට විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk/ නිල වෙබ් අඩවියෙන් ප්‍රවේශ පත්‍ර බාගත කිරීමේ හැකියාව තිබෙනවා.

එමෙන්ම, සියලුම අයදුම්කරුවන්ට විෂය, මාධ්‍ය සහ නාම සංශෝධන අවශ්‍යතාවන් සඳහා https://onlineexams.gov.lk/eic/index.php/clogin/ වෙබ් අඩවිය ඔස්සේ නොවැම්බර් 18 මධ්‍යම රාත්‍රි 12.00 දක්වා සංශෝධන කිරීමට හැකියාව දී ඇති බව ද නිවේදනය කෙරෙනවා.

විභාග මධ්‍යස්ථාන මාරු කිරීම සිදු නොකරන බවත්, නිල වෙබ් අඩවියේ පළ කරන ලද උසස් පෙළ විභාග කාලසටහන පමණක් භාවිතා කරන ලෙසත් විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.