― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsබදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්

බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්

2023/2024 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමට අවසන් දිනය අද (30) වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වාර්තා මාර්ගගත ක්‍රමයෙන් පමණක් ඉදිරිපත් කළ හැකි අතර, එ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම සඳහා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය හා නගර කාර්යාල හෙට දින සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන් විවෘතව පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

අමතරව, ආදායම් බදු ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ ජාවත්ත කාර්යාල පරිශ්‍රයේ පිහිටි ලංකා බැංකු ශාඛාව ද හෙට විවෘතව පවතින බවත් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි